Monday, July 25, 2016

ශිව දෙවියන්


ඕම නමඃ ශිවය::::::::::.ඕම නමඃ ශිවය::::::::::,ඕම නමඃ ශිවය::::::::::


ශිව දෙවියන්


ශිව දෙවියන්ව යෝග දර්ශනයට අදිපති දෙවියන්ය.ශිව දෙවියන්ට උදේ සවස පුද පූජා පෙවත්විමට හැකිනම් අපට නොසිතු විරු ලෙස ප්‍රතිපල ලබා ගත හැක.සාමාන්‍යයෙන් අපේ සමහරක් ජනතාව සිත සිටින්නේ ශිව දෙවියන්ගේ පිළිම නිවසේ තබා නොගත යුතු බවත්ය.ශිව දෙවිදු යනු විනාශයට අදිපති දෙවියන් බවත් ශිව දෙවියන්ට නිවසේ වන්දනා මාන නොකළ යුතු බවත්ය.මෙය හුදෙක්ම සිංහල ජනතාවගේ කියමක්ය.නමුත් මෙම කියමන සාවද්‍යය.ශිව දෙවියන් යනු විශාල බල පරක්ක්රමයක් හිමි දෙවි කෙනෙක්ය.මෙතුමා හට පුද පූජා තෙබීමෙන් අපට යහපත,සෞබාග්ය සස්ශ්‍රිකත්වය මිසක් වෙන කිසිදු ආපදාවක් එඉන් සිදු වන්නේ නැත.තවද හින්දු දහම අනුව මුළු විස්වයේම බලගතු දෙවියන් වන්නේ ශිව දෙවියන්ය."මෙයට කදිම උදාහරනයක් ලෙස සලකා බලන කල ලොව බලවත්ම දෙවියා කව්රුද යන්න පිළිබද විෂ්ණු දෙවිදු,මහා බ්‍රහ්මයන් හා මහා ශිව දෙවිඳු අතර ඇති උන මත ගෙටුම උදාහරනයට ගත හැකිය.මෙහිදී ශිව දෙවිදු පොලෝ තලයේ සිට අහස් තලය දක්වා ආලෝක කිරණයක් විහිදුවා එහි දෙකෙළවර සොයාගන්නා කෙනා ලොව බලවත්ම දෙවියා යනුවෙන් පැවසිය.සූකරයකුගේ  වෙස් ගනිමින් ආලෝක කිරණය හාරමින් ගිය විෂ්ණූ දෙවියන්ට ත්, හංසයකුගේ වේසයක්  ගනිමින් අහස් තලය  වෙත පියබා ගියද මහා බ්‍රහ්මයාටත් ලෝකයේ දෙකෙළවර සොයා ගැනීමට නොහැකිවූ බව පැවසේ.

ශිව දෙවිදු බුද්ධෝප්පත්තියට පෙරාඅතුව මෙලොව පහලව සිටි මහා උත්තමයකු බව ශිලන්කවේ ඓතිහාසික කරුණු වලින් සදහන් වේ.මෙයට කදිම උදාහරණයක් ලෙස රාවණ යුගය ගත හැකිය.මෙතුමා තම වාස භවන ලෙස කෛලාස කූට පර්වතය තෝරාගෙන එහි වැඩ වාසය කරයි.මෙතුමා මන්තර වලට අදිපති දෙවිදු ලෙස සලකයි.තවද නර්තනයට අදිපති දෙවියන්ද වන්නේය.ඔබට ශිව දෙවොලකට ගියහොත් ශිව දෙවියන්ගේ විවිඩ නර්තන එරියව් සහිත ප්තිමා සහ බිති සිතුවම් දෙකිය හැකිය.මෙතුමා හට නිල්වන් පැහැති ගෙලක් හා ඩවල වර්ණ සිරුරකින් සමන්විතය.ඔබට ශිව දෙවියන්ගේ ප්‍රතිමාවක් ගතහොත් මෙතුමාගේ ගෙල වට නාග රාජයකු සිටින ආකාරය දැකිය හැකිය.තවද දිවි සමකින් සමන්විත ඇදුමකින් සැරසීගෙන දිවි සමක් මත එතුමා ආසන ගෙන සිටින ආකාරයක් දෑකිය හැකිය.මෙතුමාගේ ආයුධය තිශුලය වේ.මෙතුමාගේ වහනය නන්දි නම් ගවයාය.හින්දු භක්තිකයන් ගවයන්ට දේවත්වයෙන් සලකන්නේ මේ නිසාය.ශිව දෙවියන් හට නේත්‍රා තුනක් එති අතර එම ඇස් අතරින් එක් ඇසක් නළල මද පිහිටා තිබේ.එම නළල මැද පිහිටි ඇසින් යම් පුද්ගලයකු දෙස හෝ යම් දෙයක් දෙස බැලුව හොත් ඒ දෙය අළුවී යන බව පුරාණ හින්දු ග්‍රන්ථ වල සදහන් වේ.

ස්කන්ද කුමාරයා නොගොත් කතරගම දෙවිදුන්ගේ හා මහා ගණ දෙවියන්ගේ පියා වන්නේ ශිව දෙවිදුය.    

ශිව දෙවියන් වදින පිළිවෙල හා ස්තෝත්‍ර පසුව කථා කරමු.
ඔබට ශිව දෙවිදුන්ගේ පිහිට ලැබේවා!!!!!!!!!!

Sunday, July 24, 2016




අපේ දෙවිවරු පිටුවෙි බැතිබර මිතුරැ
හවුලට එක්වන්නට ඔබට බැතිබර ආරාධනා!!!